මට හිතුනා මගේ ජිවිතයේ දුක සැප බෙදා ගන්න මම එක්කම හෙවනැල්ලක් වගේ ඉන්න මගේ අතිජාත යාලුවෝ ගැන කියන්න..........යලුවෝ කිවුවම කෙලේකෙලවරක් නෑ යලුවොනම් ඒත් ඉතින් මගෙ බොක්ක වගේ ඉන්නෙනම් 3 දෙනයි 3 ඉඩ්යට්ස් (තන්හා,රතී,රඟා වගේ තමයි වෙනසකට තියෙන්නේ පිරිමි වෙච්ච එක )
ඉතින් කතව පටන් ගමුකො මම ඒ ලෙවල් කරේ අර්ට්ස් වලින් අර්ට්ස් කියන්නේ මම හිතන්නේ ඉස්කොලේ තියෙන සුන්දරම පන්තිය (ඉතින් අනිත් විශයන් කරපු අය කියවි එයලගෙ පන්තිත් හොඳයි කියලා ) එ කොහොම වෙතත් අපෙ පන්තියේ අපි ගතකරපු කාලයනම් හරිම සුන්දරයි............අපේ පන්තියේ තමයි මුලු ඉස්කොලෙටම ඉන්න සම්පත්ධාරීන් ඉන්නේ. ඉස්කොලේ මොන ඩේ (ආර්ට්ස් ඩේ,සයන්ස් ඩේ, කොමර්ස් ඩේ) තිබුනත් තොරනක් ගහනවනම් අපේ අය එතන නැටුමක් ඔනෙනම් අපි එතන ම්යුසික් වලට ඒත් එහෙමමයි....... කාලය ශ්‍රමය අපිට එවා ගනක් නෑ...............
මගේ කතාවේ කතානයකයෝ 3දෙනගෙන් පළවෙනියා උප්පැන්නේ නමින්නම් වීර හන්නැදි ශශික ප්‍රනාන්දු ( වාසගම නම් පුරන් අප්පු පරම්පරාවේ ) නැත්තම් අපේ ලොක්කයියා.මු නමටම හරියනවා දසමහ යෝධයෝ 15 දෙනෙක් ඉඳලා තියෙන්නේ මුගේ කාලේ ( අපේ ලොක්කයියා එක්ක කාඩ් ගහන්න සූරයෙක් තම බිහිවෙලා නෑ) අනික මුන්ගේ ගෙවල් පැත්තේ වංගු හරියට 18 වංගුවේ 20වෙනි වංගුව වගේ.... :) මූ මර්ඩර් කේස් එහම ගහන්න නියමයි....අපේ පංතියේ කෙල්ලෙකුට පැනලා යන්න උදවු කරෙත් මූ තමයි.......අවසනවට ඒ කෙල්ලගේ ගෙදර හැමෝටම පේන්න මූ කෙල්ලගේ බෑග් එක 3වීල් එකට දාගත්තා..............ඊට එහා කියන්න දෙයක් නැනේ.අදටත් ඒ කෙල්ලගේ ගෙවල් පැත්තේ වෝන්ටඩ් පෝස්ටර් ගහල තියෙන්නේ.......හැබැයි අපේ ලොක්කගේ ආර්ට්ස් නම් කියල වැඩක් නෑ ..........මූ කොහොම හරි යාලු උනෙත් පින්සලක් හුරු දෑතකට.................අපරදේ කියන්න මු ඔය කෙල්ල සෙටි කරගත්තට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා මූ විඳපු කට්ටක් මූට වැඩිය කටු කෑවේ අපි ඒගැන මට වැඩිය හොඳට මගේ 3 යාලුවනම් දන්නවා......මෙ ලඟකදී තමා මූ ජොබ් එකකට ගියේ හැබැයි ගිය දවසේ ඉඳලම මූ නිවාඩු.....
මේ 2වනියා තිරිමදුර තාරක සුභාෂ් නැත්තම් අපෙ සුදු පුතා ( කන්කලු,සිත්කලු,දැකුම්කලු කලර් පැලට් එකේවත් නැති කලුපාටක් තමයි මූට තියෙන්නෙ )ඉතින් මු මුලින්ම අපේ ඉස්කොලෙට අවේ වෙන ඉස්කොලෙක ඉඳලා (අපේ ඉස්කොලේ ආර්ට් ක්ලාස් එකට පිට ඉස්කෝලවල් වලින් ලමයි ගන්නවා)ඉතින් ඔන්න මූ වැඩර් වගේ ආවා අපේ පන්තිය ඒ වෙනකොට තිබුනේ ඉස්කෝලේ මේන් හෝල් එකේ.......අපි ඉතින් පුරුදු විදියට අලුතෙන් ආපූ ලමයි රැග්කර කර හිටියේ...........විෂේශයෙන ගෑනූ ලමයි..රැග් කිවුවට කැම්පස් රැග් තරමට දරුණු නෑ...ඔය සිංදුවක් කියන්න කතාවක් කියන්න වගේ පොඩි පොඩි රැග් තම දුන්නේ..ඉතිං කතාව කියමුකෝ ඔන්න තරක ආවා ආවෙත් නිකන් අයි ආර් සී පාර්ට් එකෙන්..අපිට ඕවා දිරෙවුවෙ නෑ ඇයි ඉතින් අපි 1 වසරේ ඉඳලම ඉස්කොලේ හිටපු අයනේ..කොහොම හරි අපේ කස්ටියට ඕනෙ උනා මූවත් රැග් කරවන්න. අපි ඉතිං මුට කතා කරලා දුන්නා ගිනි කූරක් මනින්න කියලා මුලු මේන් හෝල් එකම...අනෙ ඉතිං වැඩබැරි ටාසන් වගෙ මූ මැන්නා හැබැඉ අදටත් අපි ඕක මතක්කරකර හිනාවෙනකොට මූ කියන්නේ අනේ මමනම් මැන්නෙ නෑ කියලා..............හැබැයි මොනදේ උනත් පණ ඉල්ලුවත් දෙනතරමේ මිනිහා.....මූත් අපෙ ලොක්කවගේම අර්ටිස්ට් කෙනෙක්.........පෝට්ට්‍රේට් ද මොනවද කියන චිත්‍ර අඳිනවා ඒ වගේම..........දැනට අර්ට් ස්කූල් එකක ඉගෙන ගන්නවා...ඊට අමතරව දහම් පාසල් ගුරුවරයෙක් විදිහටත් මිනිහ හරි ප්‍රසිද්දයි....හැබයි බුදුහමුදුරුවොන්ගේ පියා කවුද කියල මූ තාම දන්නෑ..........තාම ජීවනගමන ගෙනියන්න මූට සහකරියෙක් දෙමපියන් සහ ශෝකයටපත් සියලු දෙනම හොයනවා.....අරංචියේ හැටියට දහම් පාසලේ මානවිකවක් පස්සෙන් යනවා කියලනම් ආරංචියි..............
දැන් කියන්න යන්නේ අරුන් දෙන්නටම වඩා වෙනස් එකෙක් ගැන කියන්න නමින් දසුන් රාජකරුණා මුගේ වාසගමනම් මතක නෑ ඉන්නේ සංචාරක පුරවරයක ....මුට දස්සා,කුන්ඩ්පිලේ,වෑවරේ කියල එහෙමත් කියනව.....ලඟදි පොල් ගනන් ගියෙත් මූ පොල් කඩන විදියට ගස් යන මිනිස්සු පොල් කඩන්න ගිහින් ගහෙන් වැටුන නිසා.එකට හේතුව පොල්ගස් නැගීමේ නවතම කලාව හෙවත් ගස් යන වලල්ල වෙනුවට සමනළ ගැටය ගහගෙන ලනුවක් ඉන බැඳ ගෙන යමයි.............. මූටත් රස කතා ගොඩක් තියෙනවා මට ආරංචි විදිහට මාලිමා (කොම්පාස්) පාවිච්චි කරන හැටි ගැන තැපැල් මාර්ගයෙන් උගන්නනවා. මූ නම් අපේ පන්තියේ එකෙක් නෙමෙයි....බයෝ තමයි මිනිහ කරේ...මිනිහගේ කරුමෙටද අපේ කරුමෙටද මන්දා ඌ අපේ සෙට් එකට වැටුනා තවත් හේතු ගොඩක් තිබුනා ඒවා පස්සේ කියන්නම්.මූතමා අපේ සෙට් එකේ දළ කාරයා...........මූට ස්පන්ච් තිබුනොත් වෙන මුකුත් ඔනේ නෑ කන්න.....මුගේ ඇඟත් ඇඟිලි විස්කොතුවක් වගෙ තමයි.....මුගේ ලව් එක ගැන කතා කරල වැඩක්නෑ අපේ ඇඟේ ලේ කුපිත කරවන්න මූ යාලු වෙල තියෙන්නේ.......මූත් නොකරන දෙයක්නෑ ටෝෆල් කියයි අරක කියයි මෙක කියයි...මූ වැඩ කරනවයි කියන්නේ එයාර් ලන්කා එකේලු..දෙයියෝ තමයි දන්නේ එකනම්....මූ හෙන පොටෝග්‍රෑපර් කියලා හිතාගෙන ඉන්නේ...................
| මේ ඉන්නේ ඔය මම කියපු පළවේනියා සහ දෙවනියා |

ඔන්න ඔහොමයි මගෙ යාලුවෝ 3දෙනාගේ විස්තර තව ඒවා පස්සේ කියන්නම්.............